9.9 C
London
Monday, September 29, 2025
spot_img

සංක්‍රමණිකයන් සදහා බ්‍රිතාන්‍ය රජයෙන් නව නීති

ඊයේ දිනයේදී එනම් මැය් මස 12 වනදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී සංක්‍රමණ පිළිබදව වූ ධවල පත්‍රිකාවක් නිකුත් උනා.
මෙම නව නීති පාර්ලිමේන්තුවට යෝජනා කරමින් එරට අග්‍රාමාත්‍ය කියර් ස්ටර්මර් (Sir Keir Starmer) මහතා පැවසුවේ මෙම යෝජනා මගින් බ්‍රිතාන්‍ය නාදුනන පිරිසකගේ දුපතක් බවට පත්වීම වලක්වන බවය.

බ්‍රිතාන්‍ය රජය විසින් සංක්‍රමණ සීමා කිරීමේ අරමුණින් නිකුත් කරන ලද නව “ධවල පත්‍රිකාවේ” සදහන් යෝජනා කිහිපයක් මෙසේ වේ.

1. PR හෙවත් ස්ථිර පුරවැසිභාවය තවදුරත් “හිමිකමක් හෝ අයිතියක්” ලෙස නොසලකන අතර එය උපයා ගත යුතු දෙයක් වේ. ඒ අනුව ඒ සදහා වසර දහයක් බ්‍රිතාන්‍යයේ රැදී සිටීමට අවශ්‍ය වන අතර සමහර කණ්ඩායම් එම අවශ්‍යතාවයෙන් නිදහස්ඉකර තිබේ.
2.PSW කාලය අවුරුදු 2 සිට මාස 18 දක්වා අඩු කිරීමට තීරණය කෙරේ. ඊට අමතරව විදේශ සිසුන් සදහා වන තෝරා ගැනීමේ පරීක්ෂන තවත් දැඩි කිරීමට තීරණය කරයි.

3. සියළුම සංක්‍රමණිකයන්ගේ අවුරුදු 18 ට වැඩි යැපෙන්නන්ට හෙවත් බිරිදට/ සැමියාටද ඉංගීසි දැනුම පිළිබද විභාගයක් (IELTS වැනි) සමත් වීම අත්‍යවශ්‍ය වේ.

4. Care වීසා අළුතින් නිකුත් කිරීම සම්පූර්ණයාන්ම නතර කරන අතර ඒ රැකියා සදහා සුදුසු 40,000 දැනටමත් රට තුල සිටින බව ගනන් බලා ඇති අතර ඔවුන් ඒ සදහා බදවා ගැනීමට කටයුතු කරනු ලැබේ.

5. වීසා මත රැදී සිටිමින් අපරාද වලට සම්බන්ධ වන පුද්ගලයන් ගැන ස්වදේශ කටයුතු කාර්්‍යාලයට වාර්ථා කරන අතර වරදකරුවන් පිටුවහල් කිරීමට තීරණය කර ඇත.

6. Sponsored work වීසා සදහා ආයතන විසින් ගෙවිය යුතු ගාස්තුව 32% න් ඉහළ නංවනු ලැබේ.

7. Skilled visa සදහා අවශ්‍ය අවම සුදුසුකම් මට්ටම නැවත වරක් “උපාධි මට්ටම” දක්වා ඉහළ නංවන අතර උපාධි අවශ්‍ය නොවන තාවකාලික රැකියා සදහා වන කෝටාව අවශ්‍ය පරිදි වරින් වර තීරණය කරනු ඇත.

2022 වසරේ සිට Health and Care Worker විසා ලක්ෂ 2ක් පමණ නිකුත් කර ඇති අතර නව නීති යටතේ මෙම සේවකයන් සහ ඔවුන්ගේන් dependant visa සිටින සියලු දෙනාටමත් අවම වසර 10ක් බ්‍රිතාන්යේ ජිවත් වියයුතු අතර ස්ථිර පදිංචියට අයදුම් කිරීමට පෙර ඉංගීසි දැනුම පිළිබද විභාගයක් (IELTS වැනි) සමත් වීම අනිවාර්ය වෙනවා. පසුගිය වසර කීපය තුල ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් විවිද විසා කාණ්ඩ යටතේ බ්‍රිතාන්‍යට පැමිණි අතර ඔවුන්ගෙන් බොහෝ දෙනා මෙම නව නීති පිලිබදව කනසල්ලකින් පසුවේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles