11.7 C
London
Saturday, September 13, 2025
spot_img

ඔව් මගේ කොන්ද හොඳට පණ තියෙනවා – අමිලා නදීෂානි

අමිලා නදීෂානි මෙරට ගායන තරු අතරේ පෑයූ සුන්දර තරුවක්. මේ දිදුලන තරුව මේ දවස්වල සිරස සුපර් ස්ටාර් නිසා කාර්යබහුල වෙලා. බොහොම අමාරුවෙන් ඇයව කෙටිකතාව අල්ල ගන්න මට පුළුවන් වුණා.

සුපර් ස්ටාර් එකෙන් ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ?
සතුටුයි. ගොඩක් සතුටුයි. ලොකු අවස්ථාවක් මට ඒ ලැබුණේ.

මේ වගේ විනිශ්චය මණ්ඩලයකට එක්ක අමිලට මොනවාද තියෙන සුදුසුකම් කියලා ඇහැව්වොත්?
මට ඕනේ සුදුසුකම් ටික තියෙනවා. ඒක ගැන කාටවත් මොකද?

දුමාල්ටයි, ඔයාටයි මේ වගේ දේකට සුදුසුකම් නැහැ කියලා තමයි ගොඩක් අයගේ අදහස?
සුපර් ස්ටාර් ගැන මටයි, දුමාල්ටයි හොඳට අත්දැකීම් තියෙනවා. ඒ නිසා මෙතැනට එන්න අපිට වඩා සුදුසුකම් තියෙන අය තව නැහැ.

ඔයාට මේ ලැබුණු අවස්ථාව වෙන වරප්‍රසාදයක් කියලයි කියන අය නම් කියන්නේ?
ඔව්. එක අතකින් මේක එක වරප්‍රසාදයක් තමයි.

තරගයේදී ඔයාට ඕනේ අය තියාගෙන අනිත් අයව කපලාම දානවා නේද?
දක්ෂ අය තියාගෙන දක්ෂතාවයෙන් අඩු අය අයින් කරනවා.

ඔයා එක්ක සුහදව හිටියොත් ගොඩයන්න පුළුවන්ද?
ගොඩක් අය මාත් එක්ක සුහදයි තමයි. මාත් එක්ක සුහදව සිටියට එහෙම ගොඩ යන්න බැහැ.

තරගයේදී කපන කැපිල්ල දැක්කාම කැපිල්ල නම් හොඳට හුරුයි කියලා පේනවා?
මට කපන අය ගැන නම් මම චුට්ටක්වත් හිතන්නේ නැහැ. මට අනිත් අය ගැන වැඩක් නැහැ. කැපිලි ගැන හිත හිතා ඉන්න අයගේ කොන්ද පණ නැහැ.

එහෙනම් ඔයා කිව්වේ ඔයාගේ කොන්ද පණ තියෙනවා කියලනේ?
ඔව්. මගේ කොන්ද හොඳට පණ තියෙනවා.

ඔයා ඔය විනිශ්චය පුටුවේ ඉඳගත්තේ ඔතැන කලින් හිටපු කෙනාව කපලා කියලයි ආරංචි?
නැහැ. මම මෙතැන ඉඳගත්තේ කලින් හිටපු අය කැපිලා ගිහින් තමයි. ඒ කැපුණේ කොහොමද කියලා නම් මම දන් නැහැ.

සුපර් ස්ටාර් එකේදි ඔයා හොඳට කැමරාවට රඟපානවා නේද?
සුපර් ස්ටාර් කියන්නේ චිත්‍රපටයක්වත් ටෙලි නාට්‍යයක්වත් නොවෙයිනේ. අපි විනිශ්චය කරන අවස්ථාවේදී කරන කාර්යය තමයි කැමරාවට අහුවෙන්නේ.

කට්ටිය කැපිලා යද්දී ඔයාලා අඬන්නේ ඇත්තටමද?
මම සුපර් ස්ටාර් එකේ ඉඳිද්දී කැපෙන වෙලාවේ ඇඬුවේ නැහැ ඉතින් ඇයි මම අනිත් අය කැපෙන කොට අඬන්නේ? ඒ නිසා මම නම් අඬන්නේ නැහැ. ඒත් ‍පොඩි වේදනාවක් හිතේ තියෙනවා කවුරුහරි අයින් වෙලා යද්දී.

සුපර් ස්ටාර් ගියා විතරයි අමිලාගේ විලාසිතාවනුත් වෙනස් වුණා නේද?
ඔව්. ඉතින් වෙනස් කරන්න වෙනවනේ.

ඉමල්කා ගුණවර්ධන

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles