ලංකාවේ රූගත කෙරෙන පළමු රුසියන් ටෙලි නාට්‍ය ’වෙරොනිකා’
ලංකාවේ පළමු වතාවට රුසියන් ජාතිකයන් විසින් රුසියන් ටෙලි නාට්‍යයක් රූගත කරයි. ලාංකීය සම්බන්ධීකරණය රවීන්ද්‍ර රන්දෙණියගේ සභාපතිත්වයෙන් යුතු ‘ද ෆිල්ම් ටීම්’ ආයතනයෙන් සිදුකෙරෙන ‘වෙරොනිකා’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂනය කරන්නේ අන්ද්රේ සෙලිවිනොෆ් නම් රුසියන් ජාතිකයෙකි.
කොටස් 30 න් සමන්විත ’වෙරෝනිකා’ හි කතාව දිග හැරෙනුයේ වෙරෝනිකා නම් වූ තරුණියක වටාය. ඇගේ පියා විද්‍යාඥයෙකි. අහම්බෙන් තම පියාගේ රහස් ලියවිල්ලක් වෙරෝනිකාට හමු වෙයි. ඇය එහි ඇති පරිදි රහසක් සොයා ලොව වටා සංචාරය කරයි. එහිදී ඇය ඉන්දියාවට පැමිණෙයි.
වෙරොනිකා චරිතයට පණ පොවන්නේ නටාලියා බාඩෝය. නෙනිස් බුර්ගසෙෆ්, ෆර්කාඩ් මහඛ් දොෆ් යන රුසියන් ජාතික නළු නිළියන් මෙහි චරිත නිරූපණය කරති.
ඒවගේම රවින්ද්‍ර රන්දෙණිය, සඳුන් විජේසිරි, අමරසිරි කලංසූරිය, ජී. ආර්. පෙරේරා, ඥානාංග ගුණවර්ධන, යශෝධා විමලධර්ම, බිමල් ජයකොඩි, දයා වයමන්, චන්දික නානායක්කාර, ඩී. බී. ගංගොඩතැන්න, සමීර රන්දෙණිය, සුනිල් ප්‍රේමකුමාර, නෙතලි නානායක්කාර, සෝමසිරි අලකොලංග, රංජිත් වික්‍රමසිංහ, සැනෙට් දික්කුඹුර සහ රෝහිත මාන්නගේ යන අපගේ ප්‍රවීන නළු නිළියන් රැසක් ද මෙහි චරිත නිරූපණය කරති.
‘වෙරෝනිකා’ රූගත කිරීම් අතරතුර ගත් ඡායාරූප කිහිපයකි මේ.

- Advertisement -