13.4 C
London
Friday, October 17, 2025
spot_img

චාර්ල්ස් කුමරුට තෑග්ගක් තේරීම මේ ලෝකයේ අමාරුම කාර්යය – බිරිඳ කැමිලා පාකර්

චාර්ල්ස් කුමරුට තෑග්ගක් තේරීම මේ ලෝකයේ අමාරුම කාර්යය බව ඔහුගේ බිරිඳ කැමිලා පාකර් මාධ්‍යට හෙළිකර තිබේ.

චාර්ල්ස් කුමරුගේ 65 වැනි උපන් දිනය පසුගිය 14 වැනිදාට යෙදී තිබිනි.
ඒ වෙනුවෙන් කැමිලා ඔහුට ලබාදෙන උපන්දින තෑග්ග පිළිබඳව මාධ්‍ය විමසීමක් කර තිබුණි.

තමා උපන්දින ගීතය ගායනා කර ඔහුට සුබ පැතුවොත් මිස විශ්‍රාමිකයකු බවට පත්වන 65 වැනි උපන්දිනය සැමරීමට චාර්ල්ස් කුමරුට එතරම් කැමැත්තක් නැතැයි ද කැමිලා මෙහි දී පවසා තිබේ.
කැමිලා ඒ ගැන මෙසේද පවසා තිබණි.
“ඔහුට අවශ්‍ය දේවල් ලැයිස්තුවක් ඉල්ලාගෙන ඉන් එකක් තෑගි කිරීම තමයි හොඳම දේ. මේ ක්‍රමය මම හොයා ගත්තේ අවුරුදු ගාණක් උපන්දිනවලට සහ නත්තල් උත්සවවලට ඔහුට තෑගි දීමේ අත්දැකීම්වලින් පස්සේ. ඕනම කෙනකුට තෑග්ගක් තෝරන්න පුළුවන්. ඒත් ඔහුට තේරීම පහසු නැහැ.”
අනෙක් අතට උපන්දිනය උත්සවවලට ඔහු ප්‍රිය කළ ද නියමිත වේලාවට ඒ සඳහා ඔහු ගෙන්වා ගැනීම අපහසු බව ද කැමිලා කියන්නීය.
චාර්ල්ස් කුමරු ඒ තරමටම කාර්යබහුල වීම එයට හේතුව බවද ඇය හෙලිකර තිබිනි.
“දවස මොකක් වුණත් ඔහු වැඩ කරන එක නවත්වන්නේ නැහැ. හැම මොහොතකම වැඩ..” චාර්ල්ස් කුමරු වැඩ කරන්නට කැමැති පුද්ගලයකු බව ප්‍රකට කරුණකි.
මූලාශ්‍රය – ඩේලි මේල්

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles