5.9 C
London
Wednesday, December 3, 2025
spot_img

නිවැසියා එම ගින්න නිවාදමා ඇති අතර මුළුතැන්ගෙයි තිබූ ටින් කිහිපයකටද හානි සිදුවී තිබේ.

නෝටන්බ්‍රිජ් – ගැමුණු බණ්ඩාරතිලක, ප්‍රේමලාල් විජේරත්න, හාවාඑළිය – චන්ද්‍රසිරි මහගම, හැටන් – චන්න අද්දරගේ, නුවරඑළිය – ගිහාන් චමීර

නුවරඑළිය,රාගල වතුයායේ වතු නිවාසයක් මතට පෙරේදා (16දා) රාත්‍රි 11.00ට පමණ උල්කාපාතයක් බවට සැකකරන කොටසක් කඩා වැටී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පවසයි.

මේ උල්කාපාතය කඩාවැටීමෙන් එම නිවෙසේ මුළුතැන්ගෙය ගිනිගත් බවත්, ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව ගින්න නිවා දැමූ බවත් නිවෙස හිමි ඩී.එම්. කරුණාරත්න මහතා පැවැසීය. මෙහිදී කිසිවකුටත් අනතුරක් සිදුවී නොමැත. උල්කාපාතය කඩාවැටීම සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පරීක්ෂණ පවත්වයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් වෙත දන්වා ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවැසීය.
උල්කාපාතයක් යැයි සැකකරන කොටසක් වැටීමෙන් එම නිවෙසේ මුළුතැන් ගෙයට යාබද කාමරයේ වී සහ සහල් බහා තිබූ පෙට්ටියක් ගිනිගෙන ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ මුදිත මංජුල මහතා පැවැසීය.

නිවැසියා එම ගින්න නිවාදමා ඇති අතර මුළුතැන්ගෙයි තිබූ ටින් කිහිපයකටද හානි සිදුවී තිබේ.
මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන තෙක් රාගල පොලිසිය විසින් එම නිවෙසට රැකවරණ යොදා ඇති බවද ඔහු පැවැසීය.
මේ සම්බන්ධයෙන් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයට දැනුම් දී විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස නුවරඑළිය දිසා ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද මුදිත මංජුල මහතා සඳහන් කෙළේය.

ඩී.එම්. කරුණාරත්න පවසන්නේ තම පවුලේ අය නිදා සිටින විට රාත්‍රියේ මුළුතැන්ගේ දෙසින් එකවරම ශබ්දයක් ඇසුණු බවයි. නින්දගොස් තිබුණ මොහොතේ ඇසුණ ඒ ශබ්දය එතරම් නොදැනුණු නිසා කිසිවකු විසින් වහලයට ගලක් ගසන්නට ඇතැයි සිතා තැකීමක් නොකළ බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

ටික වේලාවලින් බෝතල් පුපුරනවා වැනි හඬක් ඇසීම නිසා මුළුතැන් ගෙට ගොස් බලන විට එහි විශාල ගින්නක් පැතිරෙමින් තිබී ඇත.

තමන්ගේ කෑගැසීම ඇසී අසල නිවෙස්වල අයද පැමිණ ගින්න නිවා දමා තිබෙන අතර මුළුතැන්ගෙයි වහලය මත පොල් ගෙඩියක් ඇතුළු කරවිය හැකි ප්‍රමාණයේ කවුළුවක් සෑදී තිබීම කාගෙත් විමතියට හේතුවී නිසාත් ගිනි ගනිමින් තිබූ යම් කොටස් කෙරේ සැක සිතුණ නිසාත් රාගල පොලිසියට දැන්වූ බව ඔහු කියයි.

පොලිසියෙන් පැමිණ පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ අවට කාමරවල තිබුණ ප්ලාස්ටික් උපකරණ පවා උණු වී ඇති තත්ත්වයක් පැවැති බවයි. එය සනාථ කරමින් ගෙහිමියා පවසන්නේ මුළුතැන්ගෙයි ශබ්දය ඇසුණ මොහොතෙන් පසු නිවෙසේ විශාල රස්නයක් දැනුණ බවයි.

mawbima

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles