Ceylon Stars

හුණුවටයේ කතාව කේරලයට

ඉන්දියාවේ කේරල ප‍්‍රන්තයේ ති‍්‍රෂූර් නගරයේ දී 2014 ජනවාරි 27 සිට පෙබරවාරි 03 දක්වා පැවැත්වෙන 6 වැනි අන්තර්ජාතික නාට්‍ය උළෙල නියෝජනය කිරීම සඳහා ජංගම රඟහලද රැගෙන පැමිණෙන ලෙස පරාක‍්‍රම නිරිඇල්ල ඇතුළු ජනකරළිය නාට්‍ය කණ්ඩායමට ආරාධනා ලැබී ඇත. කේරල ප‍්‍රාන්ත රජයේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංගීත නාටක ඇකඩමිය විසින් මෙහෙයවන මෙම අන්තර්ජාතික උළෙලේ නාට්‍ය රඟක්වන එක් පරිශ‍්‍රයක් ලෙස මෙම ජංගම රඟහල භාවිතා කරනු ...

Read More »

සෙල්ලම් නිරිඳු

ජයලත් මනෝරත්නගේ අලුත්ම වේදිකා නාට්‍ය නිර්මාණය – සෙල්ලම් නිරිඳු මොකක්ද මේ සෙල්ලම් නිරිඳුගේ කතාව….? මේක මගේ ‍ෙදාළොස්වැනි නාට්‍යය. ස්වතත්ත්‍ර නිර්මාණයක්. දහඅටවැනි සියවසේ මුල ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ කියන සිංහලයේ අන්තිම රජ්ජුරුවන්ට පොඩි කාලේ කිව්වේ කුණ්ඩසාල කුමාරයා නැත්නම් සෙල්ලම් නිරිඳු කියලා. ඒක තමයි නාට්‍යයේ පසුබිම. ඒත් මේකෙන් කතා කරන්නේ ඉතිහාසය විතරක් නෙවෙයි. දහඅටවැනි සියවසේ මුලත් විසිඑක්වැනි සියවසේ මුලත් යම් තරමක මේකෙදි ...

Read More »

මට ‘හඩ්ඩා’ කීවාට මං හඩු වැඩ කරලා නෑ

මං කරපු ලොකුම ගොන්කම පාර්ලිමේන්තුවට යෑමයි මට ‘හඩ්ඩා’ කීවාට මං හඩු වැඩ කරලා නෑ හඩ්සන් සමරසිංහ රෑ වුණොත් මං පිටකොටුව බස් ස්ටෑන්ඩ් එකේ හරි කොටුව ස්ටේෂන් එකේ හරි පත්තර කෑල්ලක් එළාගෙන නිදා ගන්නවා * මොකක්ද ඔබේ සම්පූර්ණ නම? හඩ්සන් සමරසිංහ * රොක් හඩ්සන් කියලා හොලිවුඩ් නළුවෙකුත් ඒ කාලේ හිටියා නේද? ඔව්. ඒඩ්ස් හැදිලා මළේ. * ඇයි ඔබේ තාත්තා මේ වගේ ...

Read More »

ඕස්ට්‍රේලියානු අගමැති ලංකාවට දුන් ආදර්ශය

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පැමිණි ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබට් මහතා හට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පිරිනමන ලද වටිනා තෑගී ඔහු විසින් එරට රජයට බාර දී ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයා විසින් ඔහුට මෙසේ තෑගී කොට ඇත්තේ දියමන්ති එබ්බවූ කමිස අත අමුණන බොත්තම් කටු දෙකක් (cuff links) හා කැටයම් කළ රිදී පෙට්ටියකි. ඕස්ට්‍රේලියා රජයේ නීතිය අනුව එරට මන්ත්‍රීවරයෙකුට වෙනත් ...

Read More »

ඇමතිවරු මන්ත්‍රීලාට පරදියි !

මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිගේ ඇමති පිල පරදා මන්ත්‍රී රවී කරුණානායකගේ මන්ත්‍රී පිල දෙවැනිවරටත් පැවැති කතානායක චමල් රාජපක්ෂ අභියෝගතා කුසලානය දිනා ගැනීමට අද (15) සමත් විය. ඇමති කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු කඩුලු 7ක් දැවී ලකුණු 198ක් රැස් කළ අතර මන්ත්‍රී කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී එම ලකුණු ගණන රැස් කළහ. කොළඹ ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරඟයේදී ආරම්භක පිතිකරුවන් ...

Read More »

සරමත් කැහැපට ගහගෙන මුඩුක්කු මැදින් මහ වැස්සේ ප්‍රේමදාස යූ.ඇන්.පී. පැල්පතකට

ප්‍රේමදාස මහතා අගමැති කාලයේ දිනක් ගාල්ලේ විසූ හිතවත් පාක්ෂිකයකුගේ විවාහ මංගල්‍යයකට සහභාගි වීමට ගියේය. අද මෙන් හෙලිකොප්ටර් ගමන් බහුල නොවූ එවකට මෝටර් රථයෙන්ම ගොස් එන්නට වීම නිසා එතුමා බොහෝ වෙහෙසට පත්ව සිටියේය. ගමන් වෙහෙස නිසා බොහෝ අයට යකා නඟිනවා වුණත් අරලියගහ මැඳුරට ගොඩ වැදුණු ගමන් විමැසුවේ, “මොනවද ආරංචි?” යනුවෙනි. එසැණින්ම පුටුවේ වාඩිගත්වනම කීවේ “අපට බොන්න මොනවා හරි ගේන්න” කියලාය. ආරංචි ...

Read More »

අපි එදා කරපු දැන් ඉන්න කෙල්ලෝ කරන්න හිතන්නෙවත් නෑ රොඩී කෙල්ලො වගේ ඇඳගෙන මහ පාරේ හිඟා කෑවා – සෝමා එදිරිසිංහ

• උප්පැන්නේ සඳහන් නම මොකද්ද? සෝමලතා පෙරේරා. • ගම? සල්පිටිකෝරලයේ පල්ලෙපත්තුවේ වටරැක. • ගැහැනුන්ගෙන් වයස අහන්නත් මොකද්ද වගේ කීයක් වගෙ ද පේන්නෙ? • හැට පහක්, හැත්තෑවක් විතර? හරි. • ඉස්කෝලේ ගියේ? පාසල් තුනකට ගියා. මීගොඩ රජයේ පාසල. පන්නිපිටිය ධර්මපාල. අවසානයට නුගේගොඩ ශාන්ත ජෝන් (දැන් සමුද්‍රාදේවි) • තාත්තගේ නම චාල්ස් පෙරේරා • මොනවද වෘත්තියක් වශයෙන් කළේ? වැවිලිකරුවෙක්. එයාට බස් එහෙමත් තිබුණා. ...

Read More »

රන්බිර් ආයෙත් තනිවෙලා

රන්බිර් කපූර්ගේත් කත්‍රිනා කායිෆ්ගේත් ආදරය ගැන ලැබෙන ආරංචි දැන් අඩුවෙලා. මේ නිසා දැන් ගොඩක් අය කියන්නේ මේ දෙන්නටම දෙන්නගෙ ආදරය ගැන විශ්වාසයක් නැති වෙලා කියලයි. කත්‍රිනා ගැන අහපු වෙලාවෙත් රන්බිර් ගැන අහපු වෙලාවෙත් දෙන්නම කියලා තිබුණේ එකම දේ. “විවාහ වෙනකල් තනිකඩව ඉන්නවා” දෙන්නම කියලා තිබුණේ එහෙම. පසුගිය දවසක රන්බිර් සහභාගි වුණු රූපවාහිනී වැඩසටහනකදීත් උණුසුම්ම මාතෘකාව වෙලා තිබුණෙත් රන්බිර්ගේ පෙම්වතිය කත්‍රිනා ...

Read More »

මටත් කට කතා හැදිලා තියෙනවා – අංජුලා රාජපක්ෂ

අංජුලා කියන්නේ පුංචි තිරයේ ඉන්න හැඩකාර කටකාර රුවැත්තියක්. පුංචි තිරයෙන් ඉඳහිට දකින ඇගේ තොරතුරු මෙවර රිවිසරසියෙන් තබන්න අපි කල්පනා කළා. මේ ඇගේ තොරතුරුයි. මෙගා ටෙලිනාට්‍ය වැඩි නිසාද අංජුලා වැඩිය පුංචි තිරයෙන් දකින්න නැත්තේ. මේ දවස්වල නම් මම රංගනයෙන් දායක වුණු සුදුයි උසයි ටෙලිනාට්‍ය විකාශය වෙනවා. ගොඩක් වෙලාවට මම චරිත තෝරාබේරාගෙන තමයි රඟපාන්නේ. ලැබෙන හැම චරිතයක්ම භාරගන්නේ නැහැ. ඒ නිසයි නිතරම ...

Read More »

සංගාට වසරේ එක්දින ක්‍රීඩක සම්මානය

අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලන (I.C.C) සම්මාන උළෙ‍ලේ වසරේ හොඳම එක්දින ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරට ලැබි ඇති බවත් හිටපු නායක මහේල ජයවර්ධනට ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය සඳහා වූ සම්මානය ලැබි ඇති බව ඊයේ .ඛි.ඛි මාධ්‍ය වාර්තා මගින් නිවේදනය කරනු ලැබිය. සම්මාන උළෙ‍ලේ ප්‍රධාන සම්මානයක් වූ වසරේ එක්දින ක්‍රීඩකයාට හිමි සම්මානය සංගක්කාරට ලැබිමේදී ඔහුගේ දක්ෂතා ලෙස ඇඟයීමට පාත්‍ර වී ...

Read More »