Ceylon Stars

ජීවිතය තරම්ම වටින නිරුවත මම චිත්‍රපට වෙනුවෙන් කැප කළා – අනෝමා ජනාදරී

ඇතැමුන් චරිතයන්ට ජීවය මවද්දී ඇය චරිතය තුළ ජීවත්වන්නියක බව වේදිකාවේ පුංචි තිරයේ සහ රිදී තිරයේ දී පෑ රංගන ප්‍රතිභාව මතින් විදහා දැක්‌වූවියකි. මේ සෑම තැනකදීම කඩඉම් සනිටුහන් කළ කතා නායිකාවක්‌ වීමටද ඇය සමත් වන්නීය. මේ අතර ඉකුත් කාල වකවානුවේදී ඇගේ රංග කලාව වඩාත් ප්‍රසාරණය වූයේ ලේඛන කලාව දෙසට බවද නොලියා සිටිය නොහැක. සිය ජීවිත කතාව නොවලහා පවසමින් පාඨක සමාජය එමගින් ...

Read More »

‘ජාතිය පුබුදු කළ හෙළ නද’ – දැයට අහිමී වී දස වසරයි

සසුනඹර එකලූකළ පැවිදි මිණිපහනක් බඳු පූජනීය ගංගොඩවිල සෝම නම් දේශයේ සැබෑ මුරදේවතාවුන් වහන්සේගේ හදිසි නික්මයෑම ස්මරණය කිරීම හා උන්වහන්සේ සිංහල ජාතියට හෙළිදරව් කළ පණිවුඩය කුමක්ද යන්න පැහැදිලි කරදීම මෙම ලිපියේ උත්සාහයයි. ”සදාචාරය ජාතියක සෞභාග්‍යය උදාකරයි” යන්න තේමාව කරගනිමින් දැවැන්ත මානව හිතවාදී වැඩපිළිවෙලක් දියත් කරමින් සිටි බුද්ධ පුත‍්‍රයන් වහන්සේ නමක් හදිසියේම ජාතියට අහිමිවී වසර 10ක් සපිරෙන මේ මොහොතේ උන්වහන්සේ රටට කළ ...

Read More »

පුස්තකාල සහයකව සිටි මහින්ද ජනපති වන බව කියූ අනාවැකිය

“වාසනාවන්ත ළමයෙක්..ඔය ඉලන්දාරියා අනාගතයේදී රජ වෙනවා” එකල විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම් සිදුකල පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි එකල එම විශ්ව විද්‍යාලයේම පුස්තකාල සහායක ලෙස කටයුතු කල මහින්ද රාජපක්ෂ අනාගතයේ ජනපතිවන බව කියූ අනාවැකියක් පිළිබඳව හෙළිකොට තිබේ. එම අනාවකියා පවසා ඇත්තේ වැලිවිටිය සෝරත නායක හාමුදුරුවන් විසිනි. එම සිදුවීම මේධානන්ද හිමියන් විසින් විස්තරකොට තිබුනේ මෙලෙසිනි. “වැලිවිටිය සෝරත නායක හාමුදුරුවෝ ඒ කාලයේ වැඩ ...

Read More »

“දුෂිත රජය සමග සන්ධානගත ගත වෙන්නේ නෑ. රට වෙනුවෙන් යමක් ඉටු කිරීමට නොහැකි පුද්ගලයින්ගේ කූට උපක්‍රම වලට රැවටෙන්න එපා” -ජෙනරාල් සරත් ෆොන්සේකා

තම පක්ෂය සන්ධානගතවීමට සැරසෙන බවට පුවත්පත්වල පළ වන වාර්තා අසත්‍ය බව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ මීරිගම, පස්යාලේදී පැවැති ජන හමුවකදී ය. “අද මම දැක්කා පත්තරයක තිබුණා ප්‍රධාන සිරස්තලයක් උතුමානොත් එක්ක අපි එකතුවෙන්න සාකච්ඡා කරනවා කියලා. කතාවක් තියෙනවා කියලා. මේවා ඔක්කොම කූට උපක්‍රම”. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේ, රට වෙනුවෙන් යමක් ඉටු ...

Read More »

මෑත කාලයේ ඇති බරපතළම අභියෝගය කැසිනෝ සූදුවයි – මාඳුළුවාවේ සෝභිත හිමි

අකිත පෙරේරා | අපට මෑත කාලයේදී එල්ල වූ බරපතළම අභියෝගය කැසිනෝ සූදුව බවත් ඊට එරෙහිව පක්‍ෂ, පාට නොබලා සියලු දෙනාම විරුද්ධ විය යුතු යෑයි කෝට්‌ටේ ශ්‍රී නාග විහරාධිපති මාඳුළුවාවේ සෝභිත හිමියෝ පැවසුහ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කැසිනෝ විරෝධී ඒකාබද්ධ සංවිධානයේ ප්‍රථම මහජන සම්මන්ත්‍රණය පෙරේදා (05 වැනිදා කොළඹ මහජන පුස්‌තකාලයේදී පැවැති අවස්‌ථාවේදී ය. මෙහිදී අදහස්‌ දැක්‌වූ කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිපති ...

Read More »

එක්‌සත් ජාතික පක්‍ෂයට යළිත් බලය ලබාගත හැකිද…?

වර්තමානයේ දේශපාලන ක්‌ෂේත්‍රයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයට පත්වී ඇති ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලන පක්‍ෂ අතරින් එක්‌සත් ජාතික පක්‌ෂයට හිමි වන්නේ අද්විතීය ස්‌ථානයකි. හිටපු අග්‍රාමාත්‍ය දිවංගත ඩී. එස්‌. සේනානායක මහතා පක්‌ෂයේ ප්‍රථම නායකයා වශයෙන් 1946 දී පත්වූ අතර ඉන්පසුව විවිධ නායකයන් පත්වෙමින් මෙරට දීර්ඝ කාලයක්‌ අගමැති හෝ ජනාධිපති ධුරය දරමින් රට පාලනය කර ඇති බව කන්‍යා ලග්න කේන්ද්‍ර හිමි ඩඩ්ලි සේනානායක, ඡේ. ...

Read More »

ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකු අයියාට අදට 50 (ARJUNA RANATUNGA (50* Not out))

ඉස්කෝලේ යන සමහර දවස් වල රණ්තුංග ටීචර් ගෙ පස්සෙන් ආනන්දෙ ගේටුවෙන් ඇතුල්වෙන ධම්මික, ප්‍රසන්න, අර්ජුන, නිශාන්ත, සංජීව සොහොයුරන් පස්දෙනා ඒ කාලෙ අපිට සුලභ දර්ශණයක් වෙලා තිබුණ. රණතුංග ටීචර් ආනන්දෙ ගුරුවරියක් වීමත්, එතුමියගෙ කොලු පැටව් 5 දෙනාම ආනන්දෙ ක්‍රිකට් ක්‍රීඩකයින් වීමත් හින්දම මේ සෙට් එකට ඉස්කෝලෙ තිබුණෙ ලොකු ජනප්‍රියත්වයක්. ‘අර්ජුන අයියා’ ආනන්දේ ක්‍රිකට් ගහනකොට නාලන්දේ අපිටත් වසන්තයක් වගේ වුනු කාලයක් තිබුණා. ...

Read More »

දුවටයි මටයි සතියකට දවස් භාගයක් දෙනවද? – ලලිත් ඇතුලත්මුදලි

ලලිත් ඇතුලත්මුදලි සිය ජීවිතයෙන් දහයෙන් පංගුවක (1/10) කාලයක් කුටුම්භය සඳහා වෙන් කරන බවට විවාහයට පෙර ශ්‍රී මනීට ප්‍රතිඥා දී තිබුණද එපමණ කාලයක් ඔහුට දියණිය සහ බිරිය සමඟ ගෙවන්නට ඉඩ හසර නොලැබිණි. දිනපොතේ පෙළෙන් පෙළ කටයුතුවලට වෙන්ව පැවැත්තේය. දිනක් ලලිත් දිනපොතෙහි පිටු පෙරළමින් යම් යම් කාල වේලාවන් වෙන්කර ගනිමින් සැලසුම් කරද්දී සිඟිති ශරලා කැටිව ශ්‍රී මනී එතැනට පැමිණියාය. දුවටත් මටත් සතියකට ...

Read More »

Fast and the Furious නළු Paul Walker රිය අනතුරකින් මරුට

“The Fast and the Furious” චිත්‍රපට මාලාව හරහා ලොව පුරා රසික රසිකාවියන්ගේ ආදරයට පාත්‍ර වූ හොලිවුඩ් නළු Paul Walker (පෝල වෝකර්) මීට පැය කිහිපයකට ප්‍රථම දරණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා. පෝල් සහ ඔහුගේ මිතුරකු ගමනගත් Porsche වර්ගයේ මෝටර් රථය, වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මාර්ගය අසල තිබූ ගසක ගැටීමෙන් ගිනිගෙන පුපුරාගොස් තිබෙනවා. UPDATE: මෙම අනතුර සිදුවී ඇත්තේ පෝල්ගේ මිතුරෙකුගේ ...

Read More »

අනෝමා මහ ඇමති සටනට සැරසේ…

එළැඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහ ඇමති අපේක‍ෂිකාව ලෙස අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරිපත් වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. පක්ෂය හෝ තමන් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැති වුවද ජනතාව අතරින් එවැනි තීරණයක් එන්නේ නම් ඒ පිළිබඳ සලකා බැලීමට තමන් සූදානම් බව මේ සම්බන්ධයෙන් කල විමසීමකදී අදහස් දක්වමින් අනෝමා ෆොන්සේකා මහත්මිය සඳහන් ...

Read More »