ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙලා – සරත් ෆොන්සේකා

පනාගොඩ ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ජනහමුවක් පැවැත්විය.

ඊට එම පක්ෂයේ නායක සරත් ‍ෆොන්සේකා මහතා සහ කොලොන්නාව ප්‍රධාන සංවිධායක සුසිල් කිඳෙල්පිටිය මහතා සහභාගි වූහ.

ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායත සරත් ‍ෆොන්සේකා මහතා

” ජනතාව රවටන්නේ නැති අය ජනතාව අතරමං නොකරන අය ජනතාව වෙනුවෙන් යම්කිසි හෘදස්පන්දය තේරුම් අරගෙන තියෙන අය ඔවුන්ට එ‍හෙම කරන්න බැරි නම් ඔවුන්ට අපිත් එක්ක පැවැත්මක් නැහැ. ඔවුන්ට අපේ පක්ෂයේ පැවැත්මක් නැහැ. අපි අලුතින් ගොඩනගන බලවේගයේ ඔවුන්ට පැවැත්මක් නැහැ. ඔවුන් ජනතාව වෙනුවෙන් කැප කිරීම් කරන්න සුදානම් නැත්නම් ඒ සදහා අපි තමුන්නාන්සේලාට අලුත් නැවුම් ජන්ද ලකුණක් හදුන්වා දුන්නා ඒ පක්ෂය තුළින් තමුන්නාන්සේලාට අහිමි වෙච්ච දේ ලබා දෙන්න අපි උත්සහ කරනවා. ප්‍රධාන වශයෙන්ම තමුන්නාන්සේලාට අහිමි වෙලා තියෙන දේ ප්‍රජාතන්ත්‍රවාදය.”

ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ කොලොන්නාව ප්‍රධාන සංවිධායක සුසිල් කිඳෙල්පිටිය මහතා..

“මේ රටේ යුද සිතියම වෙනස්කරපු නායකයා හිර ගෙදර ඉදලා ඔබ තමුන්නාන්සේලාගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය රැකීමේ දේශපාලන සිතියම අදිනවා වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම මිනිසුන් වෙනුවෙන් මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ සැබැ මිනිසා එළියට එනවා. ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය ආරම්භ කරමින් වෙන ‍මොකටවත් නෙවේ මිත්‍රවරුනි. ඔබ තමුන්නාන්සේලාගේ අහිමි වී ගිය සකලවිද අයිතිවාසිකම් ආරක්ෂා කර දීම සදහා. “

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...